දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
"
නුඹගේ මාර්ග ස්වාමින්ට බාර දෙව;*1
උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව;*2
මක්නිසාද උන්වහන්සේ නුඹේ සිතේ ආශාවන් ඉෂ්ඨ කරන සේක.
උන්වහන්සේ එය ඉෂ්ඨ කරන සේක."
ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව;
-ගීතාවලිය 37:6
අප කරන කන්නලව් වලට පිළිතුරු උන්වහන්සේගෙන් නොලැබෙන්නේ ඇයිද කියා මම නොදනිමි.
එසේම ඒවාට උන්වහන්සේ සැමවිටම ප්‍රති උත්තර නොදෙන්නේ ඇයිද කියා පිළිතුරු බැඳීමට පුළුවන් කමක්ද මට නොමැත.
එසේ වීමට මුල්වන හේතුන් පවා මම නොදනිමි.
නුමුත් දෙවියන්වහන්සේ අපගේ සිත් ගැන විමසිලිමත් වන බව හොඳින් අවබෝධකරගෙන සිටිමි.
එසේම අපි අපගේ මාර්ග ස්වාමින්වහන්සේට බාරදී *1අවංකව උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ජිවත්වන විට *2 උන්වහන්සේද අප ගැන සැලකිලිමත්වි
අපගේ සිත්වල ඇති ප්‍රාර්ථනාවන් පවා ඉෂ්ඨකර දෙන බවට පොරොන්දු දී තිබෙන බව දැන සිටිමි.
ඒ ගැන පැහැදිලි අවබෝධයක් මට ඇත්තේ දේව වචනයේ උන්වහන්සේම එසේ පවසා ඇති නිසායි.
පොරොන්දු කඩකිරීමට දෙවියන්වහන්සේ මනුෂ්‍යයකු නොවෙන බවත් උන්වහන්සේම දේව වචනයේ පොරොන්දු දී තිබෙයි.
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)